විදුහල්පති පණිවිඩය...
"
කුලියාපිටිය අධ්‍යාපන කලාපය තුල 2020 වර්ෂයේ ජනවාරි මස 23 වන දින බෞද්ධ බාලක පාසලක් ලෙස ආරම්භ කරන්නට යෙදුන
කුලි/ලක්විරු කුමර විද්‍යාලය මීට පෙර පැවතියේ යාකරවත්ත මහා විද්‍යාලය නමිනි.කාලයත් සමඟ සමාජයේ ඇති වූ තරඟකාරී
අධ්‍යාපනයත් විවිධ සමාජමය හේතූනුත් පදනම් වෙමින් මෙම පාසලේ ශිෂ්‍ය ප්‍රජාවගේ ශීඝ්‍ර ගිලිහී යාමක් පසුගිය දශක කීපයක්
තුලදී දක්නට ලැබී තිබිණ.කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියක ලෙස සේවය කළ සුමේධා රත්නසේකර මැතිණියගේ
සංකල්පනාවක් අනුව මෙම පාසල බෞද්ධ බාලක පාසලක් ලෙස නවීකරණය කිරීම හමුවේ මේ වන විට නැවත ප්‍රජාවගේ දැඩි
අවධානයට යොමු වෙමින් පවතී.එමෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ වර්ධනයක් මේ වන විට සිදු වෙමින් පවතී.එමෙන්ම පාසල් පෝෂිත
ප්‍රදේශයේ පුළුල් වීමක් ද දක්නට ලැබේ.මේ වන විට 6,7,8 හා 9 ශ්‍රේණි වල ඉංග්‍රීසි මාධ්‍ය පංති ද පාසලේ පැවැත්වේ.
වර්තමාන සමාජය අපේක්ෂා කරන්නාවූ වැඩ ලෝකයට ඵලදායී දායකත්වයක් ලබා දිය හැකි මනා පෞර්ෂයකින් හෙබි
සුජාත ලක්විරු කුමරෙකු නිර්මාණය කිරීමේ උත්තුංග කාර්යයට දායක වීමට ලැබීම පිළිබඳ මා මහත් සේ සතුටු වෙමි.දරුවන් විවිධ
දක්ෂතා දක්වමින් පාසල වෙත පසු ගිය වර්ෂයේ ජයග්‍රහණ රාශියක් කොට්ඨාස කලාප හා පළාත් මට්ටමෙන් අත් පත් කර දීම කැපී
පෙනෙන ලක්ෂණයකි.
දරුවන්ගේ දැණුම කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් සමාජයට වැඩදායී දරුවන් දායාද කිරීමේ අරමුණ
පෙරදැරි කරගනිමින් 2024 ඉදිරි වර්ෂය සඳහා හොඳ සූදානමකින් මුහුණ දීම අපගේ බලාපොරොත්තුව වේ.
අධ්‍යයන කාර්‍යමණ්ඩලය, අධ්‍යයන සහායක කාර්‍ය මණ්ඩලය හා පාසල් ප්‍රජාව අතර මනා සහයෝගයක් ගොඩ නඟමින් පාසල
තුල භෞතික පරිසරය සංවර්ධනය කිරීම , සිසු දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පෝයට පෙර දින ආගමික වැඩසටහන්
ක්‍රියාත්මක කිරීම මෙන් ම ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔස්සේ විනය ගරුක ශික්ෂාකාමී දරු පිරිසක් නිර්මාණය කරනු
පිණිස පාසල මඟින් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වන්නා වූ ව්‍යාපෘතීන් මෙහි අන්තර්ගත කර ඇත.








