වර්ෂ 1938.01.04 දින ආරම්භ කරන්නට යෙදුන කුලි/ යකරවත්ත මහා විද්‍යාලය 2020.01.23 වන දින සිට
කුලි/ලක්විරු කුමර විද්‍යාලය නමින් කුලියාපිටිය අධ්‍යාපන කලාපය තුල ආරම්භ කරන පළමු බෞද්ධ
බාලක පාසල ලෙස නවීකරණය කරන ලදී.අක්කර 5ක පමණ වපසරියකින් යුත් භූමි ප්‍රමාණයක් තුල
රමණීය යාකරවත්ත වැව් ඉස්මත්තේ පිහිටි මේ පාසල වර්තමානයේ පාසල් ප්‍රජාවගේ මෙන්ම ප්‍රදේශ
වාසීන්ගේද අවධානයට ලක් වෙමින් පවතී.
දීර්ඝ ඉතිහාසයක් පැවති මෙම පාසල තුලින් බිහි වූ කීර්තිමත් රාජ්‍ය
සේවකයින්,සමාජ සේවකයින්,මෙන්ම විවිධ පෞද්ගලික අංශ වල රැකියාවල නිරත වන පිරිස් බොහෝ
පිරිසක් සිටින අතර පසුගිය දශක කීපයේදී ඇති වූ තරඟකාරී අධ්‍යාපනයත් විවිධ සමාජමය හේතූන් සමඟ
පාසල් ප්‍රජාව සීඝ්‍රයෙන් නගරයේ ප්‍රධාන පාසල් කරා තම දරුවන් රැගෙන යාම නිසා පාසලේ ශිෂ්‍ය
සංඛ්‍යාවේ අඩු වීමක් සිදු වී ඇත.දැනට 1-13 ශ්‍රේණි දක්වා පාසලේ ඉගන්වීම් සිදුකරන අතර ශිෂ්‍ය
සංඛ්‍යාව 260 කි.ගුරුමණ්ඩලය 26කි.
හෑන්ඩ්බෝල් හා බාස්කට්බෝල් ක්‍රීඩාවන් මේ වන විට ආරම්භ කර හෑන්ඩ්බෝල්
ක්‍රීඩාවෙන් පළාත් ජයග්‍රහණ ලබා සමස්ත ලංකා සහභාගීත්වයක් ලබා ගත හැකි විය. නෙට්බෝල්
ක්‍රීඩාව මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර බැඩ්මින්ටන් හා කරාතේ ක්‍රීඩා ද මේ වන
විටත් පාසල තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමානයේ සියලු අභියෝග හමුවේ නැවත මෙම පාසල ප්‍රශස්ත හා ඵලදායී ලෙස සමාජ වගකීම් භාර ගත හැකි විශිෂ්ට පුරවැසියන් සමාජයට
යොමු කිරීමේ කාර්‍ය භාරය ඉටු කිරීමෙහිලා තවත් එක් පියවරක් ලෙස 2024 වර්ෂය සඳහා වාර්ෂික වැඩ
සැලස්ම මෙසේ ඉදිරිපත් කරමි.








